﻿1
00:00:08,640 --> 00:00:10,400


2
00:00:12,280 --> 00:00:18,080
♪ I am here for all to see ♪

3
00:00:19,720 --> 00:00:25,960
♪ In my bones there's dignity ♪

4
00:00:26,920 --> 00:00:33,160
♪ I will fight them
I can say that I can change the world ♪

5
00:00:34,080 --> 00:00:40,640
♪ But if you let me
I will make my world stand tall ♪

6
00:00:41,720 --> 00:00:47,920
♪ Let me show you one last time ♪

7
00:00:49,120 --> 00:00:55,800
♪ Let me show you one last sign ♪

8
00:00:56,520 --> 00:00:59,680
♪ I can see it all ♪

9
00:01:05,440 --> 00:01:08,320


10
00:01:16,440 --> 00:01:20,920


11
00:01:21,840 --> 00:01:23,200
මෙතන පණ බේරගත්ත අය ඉන්නවා.

12
00:01:23,880 --> 00:01:26,960
-මේ මිනිස්සු කොච්චර කල් ඉඳලා මෙතනද ?
-ගිය සතියේ ඉඳලා .

13
00:01:27,040 --> 00:01:28,880
දවස ගාණෙත් හුඟක් එනවා 

14
00:01:30,080 --> 00:01:32,760
අපිට මේඅයට නවාතැන් දෙන්න පුළුවන්. ඒත් මේ මෝල දුවන්න ඕනේ.

15
00:01:32,840 --> 00:01:34,560
ඒත් මේ මෝල දුවවන්න අපිට ලොම් නැහැ. 
16
00:01:34,640 --> 00:01:38,280
ඉංග්‍රීසින් මෙහෙට නැව් එවන්නේ නෑ මේ යුද්ධය ඉවර වෙනකම්. 

17
00:01:40,360 --> 00:01:42,240
අපේ වැඩකටයුතු කරන්න බෑ මේ ආදායම නැතුව. 

18
00:01:42,320 --> 00:01:44,920
අපිට පාප් වහන්සේගේ දහයෙන් පංගුව රෝමයට යවන්නත් බෑ. 

19
00:01:45,000 --> 00:01:46,880
මිනිස්සු අසරණ වෙලා.

20
00:01:46,960 --> 00:01:48,680
මේ යුද්ධය ඉවරයක් වෙන්න ඕනේ. 

21
00:01:49,720 --> 00:01:51,880
ඇල්බිට්සි පරාද වේගෙන යන්නේ.

22
00:01:52,960 --> 00:01:55,640
යුද්ධය දැන් ඉවර වුණොත් ඒක ෆ්ලෝරන්සයේ පරාජයයි. 

23
00:01:55,720 --> 00:01:59,000
ඒක දැන්ම ඉවර නොවුණොත් අපි විනාශ වේවි. 

24
00:02:00,120 --> 00:02:01,960
--මැඩෝනා... (මැඩෝනා = නෝනා)

25
00:02:02,040 --> 00:02:04,160
-මොකක්ද වෙන්නේ?
-දොර ගාව මිනිස්සු වගයක් ඉන්නවා. 

26
00:02:04,240 --> 00:02:06,760
-කොහේද මුර භටයෝ? 
- කුලියට මිනීමරුවෝ පස්සෙන් ගිහින්. 

27
00:02:06,840 --> 00:02:09,600
-මම මෙසර් කොසිමෝ හොයන් එන්නද? (මෙසර් = මහත්තයා ) 
-නෑ, මම මේක බලාගන්නම් .

28
00:02:09,680 --> 00:02:12,160


29
00:02:14,000 --> 00:02:17,280
-අයින්ට වෙයන්!

30
00:02:17,360 --> 00:02:18,600
උදව්වක් ඕනෙද, මෙසර්?

31
00:02:18,680 --> 00:02:20,720
අපි ආවේ ගෙදර පරීක්ෂා කරන්න. මැඩෝනා, පැත්තකට වෙලා ඉන්න. 

32
00:02:20,800 --> 00:02:22,000
පරීක්ෂා කරන්න? මොකටද? 

33
00:02:22,080 --> 00:02:24,200
අපිට රස්සාවක් හොයාගන්න නෑ. අපි බඩගින්නේ ඉන්නේ. 

34
00:02:24,880 --> 00:02:26,120
කුස්සියට ගිහින් 

35
00:02:26,200 --> 00:02:29,800
-කෝකියගෙන් අහන්න මේගොල්ලට කෑම ටිකක් දෙන්න තියෙනවද කියලා.
-අපි කෑම නෙමෙයි හොයන්නේ. 

36
00:02:31,680 --> 00:02:34,640
මේක බැංකුවක් නෙමෙයි. රත්‍රන් ඕනේනම් එහෙට යන්න. 

37
00:02:34,720 --> 00:02:36,200
බැංකුවේ ආරක්ෂක භටයෝ ඉන්නවා .

38
00:02:36,280 --> 00:02:39,400
පැත්තකට වෙන්න මැඩෝනා. ඔයාට රිද්දන්න වුවමනාවක් අපිට නෑ. 

39
00:02:44,800 --> 00:02:47,240
ඊට වඩා ලේසි නැද්ද රත්‍රන් හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා මගෙන් ඇහුවනම්? 

40
00:02:49,840 --> 00:02:51,040
කරුණාකරලා කියන්න. 

41
00:02:55,600 --> 00:02:56,880
භාණ්ඩාගාරයේ . 

42
00:02:58,680 --> 00:03:01,920
-භාණ්ඩාගාරයේ?
-පවුම් 54ක රත්‍රන් තියෙනවා එක ෆ්ලෝරින් එකක. 

43
00:03:02,000 --> 00:03:04,800
අපේ අන්තිම රත්තරන් ටික මේ කථාකරන වෙලාවේ පාවිච්චි වෙනවා අලුත් කාසි ගහන්න. 

44
00:03:14,040 --> 00:03:15,800
ඔයා දි ජිරොල්මෝ නේද? වියන්නා.

45
00:03:17,720 --> 00:03:20,240
ඒවගේම ඔයා ඩෙල් ජ්යූඩිච්. පෙදරේරුවා. 

46
00:03:22,200 --> 00:03:26,120
තමුන්මේ ගෙදරට කඩාගෙන පැන්නොත් ගොන්ෆැලොනියර් ආසා වේවි වුණේ මොනවද කියලා දැනගන්න. (ගොන්ෆැලොනියර් = නඩුකාරයා)

47
00:03:26,760 --> 00:03:29,320
වැඩක් නැති දේවල් හොයලා හිරේ යන්න ආසද? 

48
00:03:33,520 --> 00:03:36,360
එලියේ ඉන්න, මෙසර් (මහත්වරුණි) කෝකියා ඔයාලට කෑම අරන් ඒවි. 

49
00:03:38,680 --> 00:03:39,720


50
00:03:39,800 --> 00:03:41,840
හොඳ වෙලාවට භාණ්ඩාගාරයේ රත්‍රන් තියෙන්නේ. 

51
00:03:41,920 --> 00:03:42,920
ඇත්තටම ඒක බොරුවක්.

52
00:03:43,000 --> 00:03:45,240
මාර්කෝ බෙල්ලෝ හොයාගෙන එනකම් දොර වහලා තියන්න. 

53
00:03:45,320 --> 00:03:47,280
එයාට මුරභටයොත් එක්කං එන්න කියන්න. 

54
00:03:47,360 --> 00:03:49,680


55
00:03:57,120 --> 00:03:58,320
කට්ටිය මොනවද හිතන්නේ??

56
00:03:59,400 --> 00:04:01,520


57
00:04:09,880 --> 00:04:11,360
මම යුධ පෙරමුණේ ඉඳලා ආවේ. 

58
00:04:12,920 --> 00:04:15,680
මගේ පුතා වීරෝදාර ලෙස සටන් වදිනවා. 

59
00:04:18,360 --> 00:04:21,800
යුද්ධය ගැන සුරංගනා කතා කියන්න නෙමෙයි ආවේ. 

60
00:04:23,400 --> 00:04:24,520


61
00:04:24,600 --> 00:04:27,120
ඒකේ ඇත්ත පෙන්නන්න ආවේ. 

62
00:04:30,200 --> 00:04:35,320
ලෙයින් සහ යකඩෙන් ලියවිලා තියෙන!
අපි පොරොන්දු වුණා මිලාන්වරුන්ව පරාජය කරන්න!

63
00:04:35,400 --> 00:04:40,640
එහෙත් මේ ස්ෆෝර්සා කියන කොන්ත්‍රාත්කාරයා අපේ මිනිස්සු හුඟක් ආබාධිත සහ ඝාතනය කළා.

64
00:04:40,720 --> 00:04:42,640
ඔහුව පරද්දන්න... 

65
00:04:44,440 --> 00:04:45,920
අපි වඩාත් හොඳ සම්පත් අවශ්‍යයයි. 
66
00:04:46,000 --> 00:04:48,680
ඔයාගේ යුද්ධයට සල්ලි දෙන්න අපි ගාව සල්ලි නෑ. 

67
00:04:48,760 --> 00:04:51,560
-ඔයාට ගලක් මිරිකලා ලේ ගන්න බෑ! 
- ඔව් 

68
00:04:51,640 --> 00:04:53,560
මට ඔයාගේ අමාරුකම් තේරෙනවා මහත්වරුණි. 

69
00:04:53,640 --> 00:04:56,640
නමුත් අපේ ජනරජය පරාජය නොවිය යුතුයි. 

70
00:04:58,760 --> 00:05:02,240
- අපේ හුඟක් වියදම් කලාට පස්සෙත්? 
- සිංඤෝර් ගුඩාංඥි! (සිංඤෝර් = මහතා) 

71
00:05:03,640 --> 00:05:07,160
-සිංඤෝර් පැට්සි...
-අපි සිංඤෝර් ඇල්බිට්සි එක්ක එකඟයි.

72
00:05:07,240 --> 00:05:08,760
අපිට ඡන්දයක් ඕනේ.

73
00:05:08,840 --> 00:05:10,360
--ඡන්දයක්!

74
00:05:10,440 --> 00:05:14,280
- ඔව්. ඔව්. 
-ඡන්දයක්! ඡන්දයක්! 

75
00:05:14,360 --> 00:05:15,360
අපි එකඟයි. 

76
00:05:17,120 --> 00:05:18,160
හොඳයි!

77
00:05:19,040 --> 00:05:23,600
එහෙනම් ඡන්දයකට යමු. කළුපාටනම් පක්ෂයි. සුදු පාට නම් විපක්ෂයි. 

78
00:05:34,000 --> 00:05:37,160
අපේ කට්ටිය ඔයා පෙරමුණ ගන්නකම් ඉන්නේ කොසිමෝ. 

79
00:05:37,240 --> 00:05:38,880
මේ යුද්ධය අපිව හින්දලා තියෙන්නේ. 

80
00:05:38,960 --> 00:05:41,800
-ඇල්බිට්සිට විරුද්ධ වෙන්න. 
-ඒකද ඔයාට ඕනේ?

81
00:05:41,880 --> 00:05:44,320
-තාත්තා ඔයාට බැංකුව මෙහෙයවන්න කිව්වනම්? 
-ඇයි ඔයා එහෙම කරන්නේ නැද්ද? 

82
00:05:45,880 --> 00:05:49,480
මට පේනවා ඇල්බිට්සිට නොපෙනෙන දේවල් ජයග්‍රහණයේ මිල වැඩිම වෙලාවේ. 

83
00:05:50,880 --> 00:05:53,160
ඉතින් ඔයා විහින් පරාද වෙනවා? 

84
00:05:55,760 --> 00:05:57,240
මම පුළුවන් වෙලාවේ මම ක්‍රියා කරන්වා. 

85
00:05:57,320 --> 00:05:58,440


86
00:06:56,000 --> 00:06:58,360
නව බදු සඳහා වූ යෝජනාව ...

87
00:06:59,280 --> 00:07:03,000
-සම්මතයි!

88
00:07:42,800 --> 00:07:44,440


89
00:07:46,320 --> 00:07:48,120
තමුන් මොනවද මෙතන කරන්නේ? 

90
00:07:51,680 --> 00:07:53,560
තමුන් ගොළුවෙක්ද? උත්තර දෙනවා. 

91
00:07:53,640 --> 00:07:56,960
-යාච්ඤා කරනවා..
-දැන් ඇති. යමු මාත් එක්ක..

92
00:08:09,960 --> 00:08:11,320
කවද්ද ඔයා ඒක සම්පූර්ණ කරන්නේ තාත්තේ?

93
00:08:12,200 --> 00:08:14,480
-මොකක්ද?
-ආසන දෙව්මැදුර.

94
00:08:14,560 --> 00:08:16,480
මම ඔයාට කිව්වා ඔයාගේ චිත්‍ර ඇඳිල්ල පැත්තකට දාන්න කියලා.

95
00:08:16,560 --> 00:08:18,880
ඔයා බැංකුකරුවෙක් වෙන්න ඕනේ. චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. 

96
00:08:19,480 --> 00:08:21,240
මම ඒක නැවැත්තුවා. 

97
00:08:21,320 --> 00:08:23,760
ඒත් පල්ලිය කැප කරන්න බෑ ඒකට ඩෝම් එකක් නැතුව.
(ඩෝම් = රෝමානු කතෝලික පල්ලිවල මුදුනේ ඇති ගෝලාකාර හැඩැති වහලය.) 

98
00:08:23,840 --> 00:08:26,680
මම ඒක කැපකරනවා දකින්න ජීවත් වෙන්නෑ. ඔයත් එහෙමයි. 

99
00:08:27,360 --> 00:08:29,760
කවුරුහරි දක්ෂ ඇති ඒක ඉවරයක් කරන්න. 

100
00:08:30,320 --> 00:08:33,440
ප්‍රශ්නය තියෙන්නේ ඉංජිනේරු විද්‍යාව අතේ නෙමෙයි. ප්‍රාග්ධනය පැත්තෙනුයි. 

101
00:08:33,520 --> 00:08:35,800
හොඳයි, අපිට එහෙනම් ඒක කරන්න පුළුවන්. 

102
00:08:35,880 --> 00:08:37,600
පාප් වහන්සේගේ ආදායමත් අපේ බැංකුව හරහා නේ ලැබෙන්නේ. 

103
00:08:37,680 --> 00:08:40,400
හිතන්න කොසිමෝ. ඇයි ආසන දෙව්මැදුර හදන්නේ? 

104
00:08:40,480 --> 00:08:41,920
-දෙවියන් වහන්සේව ගෞරවයට පමුණුවන්න.

105
00:08:42,000 --> 00:08:45,880
ඔයා දෙවියන් වහන්සේට ගෞරව කරන්නේ මේ පවුලට සහ බැංකුවට සේවය කරලා. 

106
00:08:45,960 --> 00:08:49,360
-මට පේන්නේ නෑ බැංකුවක් දෙවියන් වහන්සේව ගෞරවයට පමුණුවනවා. 
-මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ මැවීමක්. 

107
00:08:49,440 --> 00:08:52,880
- අපි දිනාගන්නා සෑමදෙයම දෙවියන් වහන්සේගේ මහිමය සඳහයි. 

108
00:08:54,960 --> 00:08:56,600
-අපි පරක්කුයි. 
-මොකටද? 

109
00:08:57,360 --> 00:08:59,280
අපි ගෙදර යන්නේ ඔයාගේ මාමණ්ඩිව මුණ ගැහෙන්න. 

110
00:09:01,960 --> 00:09:04,480
වයින් ටිකක් බොමුද? මෙසර් බාර්ඩි? 

111
00:09:05,760 --> 00:09:07,200
එපා.

112
00:09:08,120 --> 00:09:09,920
මගේ පියාණන් ඉක්මණින්ම පැමිණේවි.

113
00:09:10,000 --> 00:09:12,840
මට බලන් ඉඳලා පුරුද්දක් නෑ, මෙසර් මෙඩිචි.

114
00:09:12,920 --> 00:09:16,520
ඔව්. ඔබතුමාට අගෞරව කරන්න හිතාගෙන නෙමෙයි එහෙම කලේ කියලා මට... 

115
00:09:17,840 --> 00:09:21,360
ඔබතුමා මගේ ලොරෙන්සෝ පුතාව කලින්ම මුණ ගැහිලා නේ මොන්සියෝ බාර්ඩි. 
(මොන්සියෝ[ප්‍රංශ] = මහතා)

116
00:09:22,320 --> 00:09:24,480
-මේ ඉන්නේ කොසිමෝ.
-හමුවීම ගෞරවයක්. 

117
00:09:30,360 --> 00:09:33,160
අපි වැඩේ ගැන කතා කරමුද මෙසර් මෙඩිචි? 

118
00:09:33,720 --> 00:09:34,920
මෙහෙන් එන්න..

119
00:09:42,280 --> 00:09:47,960
මගේ පියාණන් සහ මුත්තණුවන් වංශවත් පවුල්වලට සම්බන්ධ වුණ බැංකුකරුවෝ...

120
00:09:48,920 --> 00:09:51,040
දැන් ඔබතුමා වගේ. 
121
00:09:51,120 --> 00:09:52,840
මම දන්නවා, මෙසර් 

122
00:09:52,920 --> 00:09:56,360
ශතවර්ෂ ගණනාවක සෞභාග්‍යය පිරිහුණා 

123
00:09:56,440 --> 00:09:59,800
එංගලන්තයේ රජ්ජුරුවෝ නොගෙවපු එක ණයකින්. 

124
00:10:00,560 --> 00:10:03,600
දැන් මට වෙලා තියෙන්නේ මගේ දුවව විකුණන්න. 

125
00:10:04,320 --> 00:10:06,600
ඔබේ වංශවත් ලේ 

126
00:10:06,680 --> 00:10:09,320
අවතක්සේරු කළ හැකි වත්කමක් නෙමෙයි. 

127
00:10:09,400 --> 00:10:11,960
පරිස්සමෙන් මෙසර් මෙඩිචි. 

128
00:10:12,720 --> 00:10:15,600
බලයේ උඩටම නඟින්න අමාරුයි. 

129
00:10:15,680 --> 00:10:18,240
ඒත් වැටෙන එක ඉක්මණන් සහ පහසුයි. 

130
00:10:18,320 --> 00:10:21,280
-ඔයා උගත් මනුෂ්‍යයෙක් මෙසර්. 
-නිහතමානී කෙනෙක්.

131
00:10:22,040 --> 00:10:26,320
අපි දෙන්නම ව්‍යාපාරිකයෝ නිසා කොන්දේසි ගැන කතා කරමුද? 

132
00:10:26,920 --> 00:10:28,760
-කරුණාකරලා.
-ආදරණීයයි නේ?

133
00:10:28,840 --> 00:10:34,120
මගේ පවුල වට්ටපු ණය මුදලේ ප්‍රමාණය ෆ්ලෝරීන් 900000යි. 

134
00:10:34,200 --> 00:10:39,320
මගේ දුව වෙනුවෙන් මම ඉල්ලන්නේ 100000 

135
00:10:39,400 --> 00:10:41,240
ඔහ්!

136
00:10:41,720 --> 00:10:42,720
මට සමාවෙන්න.

137
00:10:43,840 --> 00:10:46,400
මම ඔබතුමාට ගරු කරනවා මෙසර්.

138
00:10:46,480 --> 00:10:48,680
ඒත් මේ එක්වීමේ වටිනාකමට වඩා ඔය මුදල වැඩි. 

139
00:10:50,920 --> 00:10:54,920
ඒ හේතුව මත, කිසිඳු එක්වීමක් නෑ.

140
00:10:57,640 --> 00:11:00,200
ඔබේ දුව ලස්සනයි. ඒත් මතභේදාත්මකයි. 

141
00:11:00,280 --> 00:11:01,880
ඇයට ගැලපෙන සහකරුවෝ ඉන්නවා.

142
00:11:01,960 --> 00:11:04,400
ඒත් කවුරුත් ඔබේ පවුලට උදව් කරන අය නෙමෙයි. 

143
00:11:04,480 --> 00:11:08,680
ඔබට ඇයව බන්දන්න ඕනේ හොඳ මිලකට මෙසර්. 

144
00:11:08,760 --> 00:11:10,760
මම කැමතියි ෆ්ලෝරින් 50000ක් දෙන්න. 

145
00:11:10,840 --> 00:11:12,320
එහෙනම් මේක වෙන්නෑ.

146
00:11:12,400 --> 00:11:13,640
ඔබතුමාට මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. 

147
00:11:14,560 --> 00:11:17,840
ඔබතුමා වැරදියට ගණන් හදලා මෙසර් මෙඩිචි. 

148
00:11:17,920 --> 00:11:22,240
50000කින් මගේ පවුල ගොඩ ගන්න බෑ..

149
00:11:22,320 --> 00:11:24,480
එහෙම බැරි වේවි, සමහරවිට, ඒත්... 

150
00:11:25,080 --> 00:11:29,840
ඔබේ බැංකුව රඳවන් තියෙනවා විනිමය බිල්පත්. බාසිලෝනාවල 

151
00:11:29,920 --> 00:11:32,520
සෙවිල්වල සහ මාර්සෙල්වල වෙළඳුන්ගෙන්.

152
00:11:32,600 --> 00:11:34,920
තාම නොගෙවපු විනිමය බිල්පත්. 

153
00:11:35,000 --> 00:11:37,520
මගේ බැංකුව කැමතියි ඒ බිල්පත් ටික ගන්න, 

154
00:11:37,600 --> 00:11:40,200
ඒවයේ මුහුණත් අගයෙන් තුනෙන් එකක මිලකට. 

155
00:11:40,280 --> 00:11:43,480
ඒවා ඔක්කොම එකතු කළා දෑවැද්ද වෙනවා, අහ්... 

156
00:11:43,560 --> 00:11:47,280
ෆ්ලෝරින් 81,473ක් 

157
00:11:50,480 --> 00:11:51,560
ම්ම්.

158
00:11:54,960 --> 00:11:59,240
ඔබතුමා ගණන් හදලා තියෙනවා. මේ ඇවිඥොන්වල අවුල විසදිලා 

159
00:11:59,320 --> 00:12:03,640
මේ බිල්පත් ටික මුදල්වලට හුවමාරු වේවි කියලා..

160
00:12:04,200 --> 00:12:05,320
දැන් හරි පස්සේ හරි.

161
00:12:05,400 --> 00:12:07,040
එහෙම බලද්දී මගේ දුව වෙනුවෙන් මුදල් දෙනවා වෙනුවට 

162
00:12:07,840 --> 00:12:12,360
ඔබතුමා ඒකෙන් ලාභයක් ලබලා. 

163
00:12:14,440 --> 00:12:17,880
මගේ පවුලට ඒ ණය ගෙවනකම් ඉන්න පුළුවන්, මෙසර්. 

164
00:12:17,960 --> 00:12:21,280
ඔබතුමාගේ පවුලට බෑ. 

165
00:12:30,440 --> 00:12:32,600
බොහොම හොඳයි.... මම එකඟයි කොන්දේසිවලට. 

166
00:12:36,280 --> 00:12:39,320
ඒවගේම ඔයා, තරුණ මහත්තයෝ, ඔයාට මගේ දුවව ලැබේවි. 

167
00:12:39,400 --> 00:12:41,880
අපි කැමැත්තෙන් ඉන්නවා ඇයව අපේ පවුලට කැන්දන් එන්න. 

168
00:12:56,120 --> 00:12:58,480
ඇය කැමැත්තෙන් ඉන්නවා ඔබව හමුවෙන්න.

169
00:13:07,720 --> 00:13:08,800
මෙඩිචි!

170
00:13:09,920 --> 00:13:11,920
මම පෙරමුණට යන්න ඕනේ. 

171
00:13:12,760 --> 00:13:17,440
නමුත් මම ඔයාට ස්තූතිවන්ත වුණේ නෑ ඔයාගේ සහයෝගයට. කොහොමහරි පරක්කුයි. 

172
00:13:17,520 --> 00:13:21,040
මම වෙන විකල්පයක් තිබ්බේ නෑ. ෆ්ලෝරන්සයේ ජනතාව දුක් විඳිනවා. 

173
00:13:21,120 --> 00:13:26,400
මිනිස්සු විතරක් නෙමෙයි දුක්විඳින්නේ. ඔයාගේ බැංකුවත්. වෙළඳාමක් නැතිනිසා.

174
00:13:27,520 --> 00:13:29,320
ඔයාට ප්‍රශ්නයක් තියෙනවද රිනාල්ඩෝ? 

175
00:13:29,400 --> 00:13:33,760
මම දැනගත්තා ශල්‍ය වෛද්‍යවරයා ඩි චෙක්කෝ මරලා කියලා.

176
00:13:33,840 --> 00:13:36,320
-මටත් ආරංචියි. 
-පුදුමයි නේ?

177
00:13:37,720 --> 00:13:39,920
මම දැක්කා ඔයා පල්ලියේදී එයාට කතා කරනවා. 

178
00:13:40,600 --> 00:13:43,080
මැරෙන්න දවස් දෙකතුනකට කලින්. 

179
00:13:45,880 --> 00:13:47,600
අපි විමර්ෂණයක් කරනවා. 

180
00:13:47,680 --> 00:13:48,680
හොඳයි.

181
00:13:49,880 --> 00:13:54,520
මම වෙන්න ඇති හුඟක්ම ආසාවෙන් ඉන්නේ එයාව කවුරු මොකටද මැරුවේ කියලා දැනගන්න. 

182
00:13:57,280 --> 00:13:59,000
ඇයි එයා එහෙම කතා කරන්නේ?

183
00:14:00,120 --> 00:14:01,720
එයාට ඔයාව සැක කරන්න බෑ.

184
00:14:03,440 --> 00:14:06,800
මිලාන්වරුන්ව  විතරක් නෙමෙයි එයා විනාශ කරන්න බලන් ඉන්නේ. 

185
00:14:08,160 --> 00:14:09,160
එන්න.

186
00:14:16,920 --> 00:14:18,640
මම ගියේ ඔයාව හොයාගෙන.

187
00:14:18,720 --> 00:14:20,760
-මොකටද? 
-ඔයාගේ බිරිඳ 

188
00:14:26,800 --> 00:14:28,320
ඔයා හොඳින්ද පැටියෝ? 

189
00:14:28,400 --> 00:14:30,680
-මට මුකුත් ප්‍රශ්නයක් නෑ. 
-නෑ එයාට අමාරුයි. 

190
00:14:30,760 --> 00:14:32,040
-එයා වැටුණා.
-කොයි වෙලාවෙද?

191
00:14:32,120 --> 00:14:35,080
-පැයකට කලින් 
-මම ඉක්මණට නැඟිට්ටා, එච්චරයි. 

192
00:14:35,160 --> 00:14:38,360
වයින් වීදුරුවක් බිව්වට පස්සේ. එයා කිව්වා ඒකෙන් අමුතු රහක් එනවා කියලා. 

193
00:14:38,440 --> 00:14:41,040
ඒක ඉවරයි මම හොඳින්. 

194
00:14:41,120 --> 00:14:43,400
ඔක්කොම මාව බය නොකර ඉන්න්වද? 

195
00:14:43,480 --> 00:14:45,360
ඔයා භූතයෙක් වගේ සුදුමැලි වෙලා. 

196
00:14:45,440 --> 00:14:48,960
මගේ අතේ වැරැද්ද. ඔයාව බය කළා යුද්දෙ ගැන කියලා.

197
00:14:49,040 --> 00:14:50,120
විකාර .

198
00:14:50,200 --> 00:14:51,520
එයාට පොඩි විවේකයක් ඕනේ. 

199
00:14:51,600 --> 00:14:53,760
-එච්චරයි. 
-ස්තූතියි. 

200
00:14:58,200 --> 00:14:59,920
ඔයා හිතනවද එයාට කවුරුහරි වස දීලා කියලා? 

201
00:15:00,000 --> 00:15:03,440
-අනිවාර්‍යයෙන්ම. මට සැකයක් නෑ..
-කොහොමද? මගේ ගෙදරම?

202
00:15:04,720 --> 00:15:08,680
ඒක එච්චරම අමාරු නෑ මිදි වත්තේ බෝතලෙකට වස ටිකක් දාන්න. 

203
00:15:08,760 --> 00:15:11,680
-ගෙදර තියෙන ඔක්කොම වයින් ටික විනාශ කරන්න. 
-මම දැනටමත් කියලා තියෙන්නේ.

204
00:15:13,160 --> 00:15:14,960
ඖෂධවේදියා ගාවට ගිහින් ප්‍රතිජීවකයක් අරන් එන්න. 

205
00:15:15,040 --> 00:15:16,160
දැන්ම යනවා.

206
00:15:19,520 --> 00:15:20,840
මොකද කොසිමෝ?

207
00:15:23,040 --> 00:15:24,040
ව්‍යාපාරය ගැන.

208
00:15:24,920 --> 00:15:26,200
මොන වගේ ව්‍යාපාරයක්ද?

209
00:15:27,480 --> 00:15:29,280
මම ඒ ගැන බලාගන්නම්.

210
00:15:30,080 --> 00:15:31,720
ඔයා මේ පවුල ගැන බලාගන්න.

211
00:15:32,920 --> 00:15:34,040
මම හැමතිස්සෙම බලාගත්තා.

212
00:15:37,120 --> 00:15:38,640
ඊටත් වඩා බලාගන්න.

213
00:15:42,080 --> 00:15:45,520
- එයා කඩවසම්ද?
- මට කියන්න බෑ.

214
00:15:46,360 --> 00:15:49,880
හොඳයි, එයා කාරුණිකද? දක්ෂද? 

215
00:15:49,960 --> 00:15:51,360
මට ආරංචි වුණේ එයාට ගල් හිතක් තියෙනවා කියලා. 

216
00:15:51,440 --> 00:15:55,320
මම දන්නේ නෑ. ඔයා ප්‍රශ්න අහන එක නවත්තන්න. 

217
00:15:55,400 --> 00:15:57,720
තාත්තේ, මේ මිනිහා මගේ ස්වාමිපුරුෂයා වෙන්න ඉන්නේ. 

218
00:15:57,800 --> 00:16:00,200
ඔයා මගේ සතුට ගැන හිතන්නේ නැද්ද? 

219
00:16:00,280 --> 00:16:01,840
මේක ඔයාගේ සතුට ගැන දෙයක් නෙමෙයි. 

220
00:16:01,920 --> 00:16:04,000
-අනිවාර්යෙන්ම.
-කොන්ටසීනා!

221
00:16:04,080 --> 00:16:07,520
-ඔයාගේ කට වැඩියි.
-මමත් දන්නවා. 

222
00:16:07,600 --> 00:16:11,440
ඔයාට අවස්ථාවක් ලැබිලා තියෙනවා විනාශ වෙන්න යන ඔයාගේ පවුල රැකගන්න. 

223
00:16:12,360 --> 00:16:13,960
මාව බලෙන් බන්දලා.

224
00:16:14,040 --> 00:16:15,480
එහෙම තමයි මගේ යාළුවෝ ඔක්කොම දකින්නේ.

225
00:16:15,560 --> 00:16:19,360
එහෙමනම්, එයාලා ඔයාගේ යාළුකමට වටින්නේ නෑ. 

226
00:16:19,440 --> 00:16:22,640
තාත්තේ, තව අය ඉන්නවා මාව බදින්න බලාගෙන.


227
00:16:22,720 --> 00:16:25,760
ඔයා කියන්නේ එසියෝ කොන්තරිනි ගැන.

228
00:16:25,840 --> 00:16:28,760
එයා වංශක්කාරයෙක් වෙන්න පුළුවන් . ඒත් එයා දුප්පත්. 

229
00:16:28,840 --> 00:16:31,680
එයා මට ආදරය කරනවා, මමත් එයාට කැමතියි. 

230
00:16:32,560 --> 00:16:33,560


231
00:16:33,640 --> 00:16:36,320
දුව, ඔයා දන්නවද ඔයා කොච්චර බොළඳද කියලා. 

232
00:16:36,400 --> 00:16:41,960
ඔයා මෙඩිචිව බැන්දම අපිට ෆ්ලෝරින් 80000ක ලාභයක් ලැබෙනවා වගේම,

233
00:16:42,040 --> 00:16:46,000
ඔයා මගේ ඇසුයි කනුයි වේවි දැන් ලෝකේ තියෙන ධනවත්ම බැංකුවේ.

234
00:16:47,600 --> 00:16:49,200


235
00:17:02,600 --> 00:17:04,360
ඔයාගේ මනමාලි ඇවිත් කොසිමෝ.

236
00:17:06,040 --> 00:17:08,720
-ඔයා මොනවද කරන්නේ?
-මට ඒවයෙන් වැඩක් නෑ.

237
00:17:10,040 --> 00:17:12,160
මට දැන් බැංකුකරුවෙක් වෙන්න වෙනවා. 

238
00:17:12,240 --> 00:17:16,560
සහෝදරයා, ඔයා කොහොමත් බැංකුකරුවෙක් තමයි.

239
00:17:20,520 --> 00:17:22,920
ඔයාට රෝමයේදි අපි දෙන්නව මුණගස්සවන්න ඕන වුණ කෙනා...

240
00:17:23,000 --> 00:17:26,160
-ඒක වැඩක් නෑ.
-කවුද එයා?

241
00:17:27,640 --> 00:17:30,400
බියන්කා, අවංක කෙල්ලෙක්. 

242
00:17:31,120 --> 00:17:33,680
ඒත් මෙඩිචි කෙනෙක්ට ඇය සුදුසු නෑ. ඉතින් තාත්තා එයාව අයින් කළා.


243
00:17:33,760 --> 00:17:35,360
හොඳයි, තාත්තා මොනවා කළත්,

244
00:17:35,440 --> 00:17:38,240
කොන්ටසීනා ඩි බාර්ඩි ඔයාගේ බිරිඳ වෙන්න යන්නේ කොසිමෝ.

245
00:17:38,320 --> 00:17:40,640
-ඔයාට ඒක පිළිගන්න වෙනවා. 
-හොඳක් කරන්න ලොකු නරකක්. 

246
00:17:40,720 --> 00:17:43,800
වංශක්කාරියෙක් බදින එක නරකක් නෙමෙයි. 

247
00:17:43,880 --> 00:17:47,920
ඒවගේම, අහ්, කවුද දන්නේ? ඔයාගේ කැමැත්ත වැඩි වෙයි. 

248
00:17:48,000 --> 00:17:50,440
තාමත් කෙල්ලෙක්ට ආදරේ කරන කොල්ලෙක්ට උපදෙස් දෙනවද? 

249
00:17:50,520 --> 00:17:53,360
යමු.

250
00:17:57,720 --> 00:17:58,840
එයාලා බලන් ඉන්නවා.

251
00:18:21,200 --> 00:18:22,560
ඔව් මම දන්නවා.

252
00:18:30,440 --> 00:18:33,920
කොන්ටසීනා ඩි බාර්ඩි, කොසිමෝ ඩි මෙඩිචි 

253
00:18:35,200 --> 00:18:36,200
කොන්ටසීනා...

254
00:18:40,840 --> 00:18:43,240
මගේ පුතා ඔයාව හම්බවෙන්න කැමැත්තෙන් හිටියේ.

255
00:18:43,320 --> 00:18:45,320
ඔය දෙන්නා කතාබහ කරලා අඳුරගන්න.

256
00:19:03,360 --> 00:19:06,040
ඔයා හොඳින්ද? මෙසර් ඩි මෙඩිචි?

257
00:19:06,120 --> 00:19:08,840
ඔයා මාව බදිනවනම් කොසිමෝ කියලා කතා කරන්න.

258
00:19:09,760 --> 00:19:12,320
ස්තූතියි කොසිමෝ.
ඔයා තාම මට උත්තරයක් දුන්නෑ.

259
00:19:12,400 --> 00:19:14,200
මම හිතන්නේ ඔයා දන්නවා. මම හොඳින් කොන්ටසීනා. 

260
00:19:14,280 --> 00:19:18,120
-ඔයා ඒත් අපහසුවෙන් ඉන්නේ.
-ඒවගේම ඔයා මම අහලා තියෙන විදියමයි. 

261
00:19:18,200 --> 00:19:20,320
මම දන්නවා ඔයා මේකට කැමති නෑ කියලා කොසිමෝ. 

262
00:19:20,400 --> 00:19:21,480
මම කැමති වුණේ නෑ. 

263
00:19:21,560 --> 00:19:25,800
මම කැමති නෑ හරකෙක් වගේ විවාහ වෙන්න.

264
00:19:25,880 --> 00:19:27,960
-හරකෙක්?
-මට සමාවෙන්න ඇත්ත ඔයාට රිදෙනවනම්.

265
00:19:28,040 --> 00:19:31,520
-මමත් මේකට කැමති නෑ.
-එහෙනම් ඇයි ආවේ? 

266
00:19:31,600 --> 00:19:33,680
මොකද ඒකෙන් මගේ පවුලට හොඳක් වෙන නිසා.

267
00:19:45,080 --> 00:19:48,240
අපි බැදපු වෙලාවේ ඉදලා ඔයා මෙඩිචි කෙනෙක්.


268
00:19:48,320 --> 00:19:50,440
ඔයා ඔයාගේ තාත්තගේ බැංකුවේ නියෝජිතයෙක් වෙන්න හදන්න එපා...

269
00:19:50,520 --> 00:19:51,640
අපේ පවුලේ රහස් එයාට කියලා.

270
00:19:51,720 --> 00:19:54,040
ඔයා මගේ බිරිද වේවි...

271
00:19:54,120 --> 00:19:56,840
ඒ වගේම ඔයා මට පක්ෂපාති වේවි. මට විතරක්. 

272
00:19:56,920 --> 00:19:58,760
ඔයාට තේරුණාද?

273
00:20:19,200 --> 00:20:20,560


274
00:20:43,680 --> 00:20:45,200
මගෙන් මොකක්ද වෙන්න ඕනේ මහත්තයා?

275
00:20:45,280 --> 00:20:47,400
ඔයා හෙම්ලොක් ගැන අහලා තියෙනවද?

276
00:20:47,480 --> 00:20:49,160
ඔව් අනිවාර්යෙන්ම

277
00:20:49,240 --> 00:20:51,600
මගේ යාළුවෙක්ට ඒවා ටිකක් වැරදීමකින් ගිලිලා.

278
00:20:52,360 --> 00:20:55,560
ඒක පුදුම අනතුරක් නේ. 
ඔයාගේ යාළුවා ජීවතුන් අතරද?

279
00:20:55,640 --> 00:20:57,440
-මම ප්‍රතිජීවකයක් හෙව්වේ.
- ඒක ගිලිලා කොච්චර වෙලාද?

280
00:20:57,520 --> 00:20:59,400
පැය කිහිපයකට කලින්.

281
00:21:00,800 --> 00:21:05,000
මට සමාවෙන්න මහත්තයා.
එකම ප්‍රතිකාරය වමනය කරවීමයි. 

282
00:21:05,080 --> 00:21:09,080
සින්ක් හරි අබ හරි එක්ක එඬරු තෙල් ටිකක් පොවන්න.
ඒත් ඒකට පරක්කු වැඩියි. 

283
00:21:09,840 --> 00:21:12,840
ඔයාගේ යාළුවව උණුසුම්ව තියලා යාච්ඤා කරන්න.

284
00:21:13,400 --> 00:21:15,080
ඒක තමයි බලාපොරොත්තු තියන්න පුළුවන් එකම විදිය 

285
00:21:21,920 --> 00:21:25,680
-ඔයා මෙහෙ හෙම්ලොක් විකුණනවා නේ?
-ඔව් 

286
00:21:25,760 --> 00:21:29,080
ලෙඩවෙච්ච සත්තුන්ට දෙන්න කට්ටිය හොයනවා. 

287
00:21:30,160 --> 00:21:34,160
-ඔයා ඒවා දියර විදියට විකුණනවද?
- දියර වගේ?

288
00:21:34,240 --> 00:21:37,680
ඒක පාවිච්චි වෙන්න පුළුවන්, අපි කියමුකෝ මිදිවලට ගාන්න.

289
00:21:37,760 --> 00:21:39,200
මිදි? නෑ.

290
00:21:40,880 --> 00:21:43,400
මම හෙම්ලොක් දියර හදන්නේ නෑ මහත්තයා. 

291
00:21:56,800 --> 00:22:00,600
ෆ්ලෝරන්ස්වල වෙළඳාම වේලිලා ගිහින්. 

292
00:22:00,680 --> 00:22:03,400
මේ ශාපලත් යුද්ධය බැංකුවත් විනාශ කරනවා.

293
00:22:04,760 --> 00:22:05,760
හොඳයි?

294
00:22:06,280 --> 00:22:09,360
ඖෂධවේදියා කිව්වා ප්‍රතිජීවකයකට වෙලාව මදි කියලා.

295
00:22:10,360 --> 00:22:13,560
එහෙනම් මම ඉඳගෙන බලන් ඉන්න ඕනේද මගේ ලේලි මැරිලා යනකම්?

296
00:22:15,240 --> 00:22:16,680
අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?

297
00:22:17,720 --> 00:22:20,440
අනිවාර්‍යයෙන්ම, මම අනිත් කාමරේ ගිණුම් ටික බලන්නම්.

298
00:22:25,680 --> 00:22:27,920
අපි දන්නේ නෑ ඒවා කොහොමද එයාට ගිලුණේ කියලා.

299
00:22:28,000 --> 00:22:29,800
අඩුමතරමේ අපි දන්නෑ ඒ හෙම්ලොක්මද කියලා.

300
00:22:31,800 --> 00:22:34,000
ඒත් ඖෂධවේදියා ඒවගේ වස විකුණනවා. 

301
00:22:35,800 --> 00:22:38,600
එයා ඒවා විකිණුවා වෙන්න පුළුවන් ඔයාගේ තාත්තව මරන්න.

302
00:22:38,680 --> 00:22:41,400
ඒ මනුස්සයා අනිවාර්‍යයෙන්ම ඒ ගැන දන්නේ නැතුව ඇති. 

303
00:22:41,480 --> 00:22:44,520
දැනුවත්ව නැතුව ඇති.

304
00:22:45,920 --> 00:22:47,600
ඔයා මේ මනුස්සයට මුකුත් කරන්නේ නෑ මාර්කෝ. 

305
00:22:47,680 --> 00:22:51,120
ඔයාට සාක්ෂියක් ඕනේ රිනාල්ඩෝ ඩීලි ඇල්බිට්සි ඔයාගේ තාත්ත්ව මැරුවා කියලා. 

306
00:22:51,200 --> 00:22:53,560
-මේ ඖෂධවේදියා ඒවා වික්කා වෙන්න පුළුවන්. 
-ශල්‍ය වෛද්‍යවරයට කරපු දේ ඇති.

307
00:22:53,640 --> 00:22:55,120
මම තවත් ලේ මගේ අතේ තවරගන්නේ නෑ.

308
00:22:55,200 --> 00:22:58,160
ලේ තියෙන්නේ මගේ අතේ කොසිමෝ. ඔයාගේ අතේ නෙමෙයි.

309
00:22:59,080 --> 00:23:01,200
දෙයක් පටන්ගත්තනම් ඒක ඉවර කරන්න ඕනේ.

310
00:23:03,040 --> 00:23:05,200
දෙවියන් වහන්සේ දන්නවා ඒක ඇති කියලා. 

311
00:23:05,280 --> 00:23:06,360
ඒවගේම ඇල්බිට්සි සැක කරනවා.

312
00:23:06,440 --> 00:23:09,440
-එයාට ඒක ඔප්පු කරන්න බෑ..
-කොටුවෙච්ච පොළඟෙක් කාට වුණත් දෂ්ඨ කරයි.

313
00:23:09,520 --> 00:23:12,200
-එයා මගේ ලේලිටත් කරදරයක් කරලා ඉන්නේ. 
-එහෙනම් අපිට ඇත්ත ඕනේ.-

314
00:23:35,280 --> 00:23:36,320
කොහොමද එයාට?

315
00:23:37,480 --> 00:23:39,480
හොඳකුත් නෑ, නරකකුත් නෑ.

316
00:24:10,680 --> 00:24:13,560


317
00:24:14,960 --> 00:24:17,440
-අහ්, සුභ උදෑසනක්.
-ඌගො...

318
00:24:18,760 --> 00:24:22,880
-ඔයා මොනවද මෙහෙ කරන්නේ?
-ඔයාගේ බිරිඳට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. 

319
00:24:23,720 --> 00:24:27,720
ඉතින් මම, අහ්, එක එක ගිණුම්වලින් ෆ්ලෝරින් එකතු කරනවා.

320
00:24:27,800 --> 00:24:31,000
මේ යුද්ධයේ බරට ෆ්ලෝරන්ස් පොළවට සමතලා වෙයි වගේ. 

321
00:24:31,080 --> 00:24:34,120
සාමය ඇති වුණත් නැවත ගොඩගන්න එක ගැන බලාපොරොත්තු තියන්න අමාරුයි. 

322
00:24:34,200 --> 00:24:36,440
කවද්ද අන්තිමටම පාප් වහන්සේට දහයෙන් පංගුව ගෙව්වේ?

323
00:24:36,520 --> 00:24:39,440
සති හයකට විතර කලින් මම හිතන විදියට .
යුද්දෙ පටන් ගන්න කලින්..

324
00:24:40,160 --> 00:24:43,280
-අපි ගාව කොච්චර තියෙනවද??
-ලොකු ගාණක් .

325
00:24:46,960 --> 00:24:50,920
ෆ්ලෝරින් 70000ක් විතර.

326
00:24:52,400 --> 00:24:53,640
ඕනවටත් වඩා වැඩියි. 

327
00:24:53,720 --> 00:24:56,160
ඒවා පාප් වහන්සේගේ සල්ලි. අපිට ඒවට අතවත් තියන්න බෑ. 

328
00:24:56,240 --> 00:24:57,880
ස්තූතියි ඌගෝ...

329
00:24:57,960 --> 00:24:59,640
මොනවද ඔයා හිතන්නේ?

330
00:25:01,160 --> 00:25:04,640
හිතන්නෙවත් නැති වෙලාවක අවස්ථාවන් මතුවෙන්නේ.

331
00:26:42,920 --> 00:26:44,120
මෙසර් (මහත්වරුනි)...

332
00:26:49,960 --> 00:26:52,640
අර මිනිස්සු?කවුද උන්?

333
00:26:53,960 --> 00:26:55,880
ඒක ඔයාගේ වැඩක් නෙමෙයි.

334
00:26:55,960 --> 00:26:59,280
මේ මොහොතේ මම අදුරන්නැති කවුරුහරි මගේ ගෙදර ඉන්නවනම් ඒක මගේ ප්‍රශ්නයක්.

335
00:27:03,040 --> 00:27:04,400
මම එයාව හොයනවා.

336
00:27:07,760 --> 00:27:08,800
රෝසා?

337
00:27:09,760 --> 00:27:11,920
මට එයාව හිති අහක්කරන්න බෑ කොසිමෝ.

338
00:27:14,240 --> 00:27:16,040
මම එයාට ආදරේ කළා.

339
00:27:18,920 --> 00:27:21,880
මට කාගෙවත් කතාවලින් වැඩක් නෑ. 
එයා නිකංම අතුරුදහන් වුණේ නෑ..

340
00:27:24,200 --> 00:27:28,080
-ඒක වෙලා මාස ගාණක් වෙනවා ලොරෙන්සෝ..
-ඉතින් ඔයා මට කියන්නේ අතහරින්න කියලද?

341
00:27:28,840 --> 00:27:32,120
අවුරුදු ගාණකට කලින් ඔයා ආදරේ කරපු කෙල්ලට කලා වගේ?

342
00:27:33,800 --> 00:27:36,120
මම ඔයාට මුකුත් කියන්නේ නෑ කරන්න ඕන දේ ගැන. 

343
00:27:41,000 --> 00:27:42,560
මොකද්ද ඔයාට ඕනේ සහෝදරයා?

344
00:27:42,640 --> 00:27:46,560
ඇල්බිට්සිට විරුද්ධ වෙන්න නම් මට සහයක් ඕනේ.

345
00:27:49,360 --> 00:27:52,280
-මොනවගේ සහයක්ද ?
-රෝමෙන් හොයාගන්න පුළුවන් ජාතියේ එකක්.

346
00:27:54,200 --> 00:27:55,600
මොකක්ද පාප් වහන්සේගෙන් වෙන්න ඕනේ?

347
00:27:55,680 --> 00:27:57,920
මට ඕනේ ඔයා ගිහින් උන්වහන්සේව සාමය ඇතිකරවන්න නම්මගන්න.

348
00:27:58,000 --> 00:28:00,920
මම දන්නෑ ඇල්බිට්සි පාප්වහන්සේට කන් දේවිද කියලා.

349
00:28:01,800 --> 00:28:04,960
ඇල්බිට්සි භක්තිමත් මිනිහෙක්. 
ඒවගේම පාප් වහන්සේ ළඟ තියෙනවා...

350
00:28:05,880 --> 00:28:07,640
එයාව නම්මගන්න අවශ්‍ය ආධ්‍යාත්මික උපකරණය. 

351
00:28:08,520 --> 00:28:12,240
ඔයාට මේ යුද්දෙ ඉවරකරන්න ඕනේනම්, 
ඔයා ඇල්බිට්සිට විරුද්ධ වෙන්න වෙනවා.

352
00:28:12,320 --> 00:28:14,160
ඔයා දන්නවා තාත්තා අපිට උගන්නපුවා. 

353
00:28:14,240 --> 00:28:19,480
ඔව්, ඒත්, මේ වගේ වෙලාවල් යොදාගන්නවා බල තණ්හාව සාධාරණීකරණය කරන්න. 

354
00:28:19,560 --> 00:28:21,520
සාමය ඇති වුණාම මිනිස්සු අමතක කරයි. 

355
00:28:21,600 --> 00:28:23,040
ඒත් ඒගොල්ලෝ යුද්දෙ නිසා වින්ද දුක නිසා , 

356
00:28:23,120 --> 00:28:26,960
ඒගොල්ලෝ මතක තියාගනී මමයි යටත් වෙන්න කිව්වේ කියලා, මට ඒකට වෛර කරයි.

357
00:28:29,200 --> 00:28:31,920
ඉතින් නරක නැද්ද අපි වෙනුවට පාප් වහන්සේ බැනුම් අහන එක?

358
00:28:44,040 --> 00:28:47,320
අපේ විශාල ආසන දෙව්මැදුර හදන්න ගත්තේ පර්ම්පරා ගාණකට කලින්...

359
00:28:47,400 --> 00:28:50,360
අපේ මුත්තනුවන් සහ ඔවුන්ගේ පියවරුන්ටත් කලින්.

360
00:28:51,760 --> 00:28:54,520
සමහරු කියනවා ඒගොල්ලෝ ලොකුවට හිතුවා කියලා. 

361
00:28:54,600 --> 00:28:58,200
එයාලගේ අරමුණ එයාලගේ හැකියාවන්ට වඩා විශාලයි කියලා.

362
00:28:59,480 --> 00:29:01,800
ඒත් මහත්වරුනි ඔබලා, මෙතන ඉන්නේ 

363
00:29:02,520 --> 00:29:05,960
හුඟ කාලෙකට කලින් පටන් ගත්ත ඒ විශාල කාර්‍යය සම්පූර්ණ කිරීමට.

364
00:29:06,840 --> 00:29:09,440
ඇයි කවුරුත් ඩෝම් එකේ අභිරහස විසදුවේ නැත්තේ?

365
00:29:09,520 --> 00:29:12,040
ඒකට අවශ්‍යයයි ගණිතය පිළිබඳ ලොකු අවබෝධයක්. 

366
00:29:12,120 --> 00:29:15,400
මුළු බරම තනිව ආකෘතියට බලපාලා

367
00:29:15,480 --> 00:29:19,040
පල්ලෙහා ඉන්න මීසම්වාසින්ගේ ඔළුවලට කඩන් වැටෙයි. 
(මීසම්වාසින්= ග්‍රාමයක දෙව්මැදුරට අයත් මිනිසුන්)

368
00:29:19,120 --> 00:29:21,880
ඔච්චර උසට පලංචි ගහන්න බෑ. 

369
00:29:21,960 --> 00:29:24,520
ඉතින් ඔයාලා මොකද්ද යෝජනා කරන්නේ විශාල ධූමොව හදන්න. 

370
00:29:24,600 --> 00:29:26,840
අපි විශාල කණුවක් හිටවලා.... 

371
00:29:26,920 --> 00:29:31,080
විශාල කන්දක්! 
වැලියි කාසියි එකතු කරලා...

372
00:29:31,160 --> 00:29:34,240
- වහලයක්, අනිවාර්යෙන්ම...

373
00:29:36,480 --> 00:29:38,520
මගේ මිත්‍රයන් සියල්ලෙන්ගෙන්ම ගෞර්වානුකූලව.... 

374
00:29:38,600 --> 00:29:40,800
-ඒක ප්‍රශ්න කළ නොහැකි...
-...සැකයෙන් තොර ...

375
00:29:40,880 --> 00:29:42,320
-...එකම මඟ .
-එකම විසදුම .

376
00:29:42,400 --> 00:29:44,880
- එකම මඟ 

377
00:29:44,960 --> 00:29:46,680
මෝඩයෝ!

378
00:29:46,760 --> 00:29:50,680
බක පණ්ඩිතයෝ . බොරුකාරයෝ !

379
00:29:51,520 --> 00:29:53,960
තමුසෙලා එකෙක්වත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නෙමෙයි.

380
00:29:54,040 --> 00:29:55,800
මෙසර් මෙඩිචි සමාවෙන්න

381
00:29:55,880 --> 00:29:58,440
මේ මිනිහට එන්න කියලා තියෙනවා කියලා දන්නවනම් මම එන්නෑ. 

382
00:29:58,520 --> 00:30:00,960
මට එන්න කිව්වේ නෑ, ඒත් මම ආවා. 

383
00:30:01,040 --> 00:30:05,800
මොකද තමුන් එකෙක්වත් දන්නෑ නෑ මේ තේජාන්විත ප්‍රාසාදය හදන්න.

384
00:30:07,480 --> 00:30:10,240
ෆිලිපෝ බෘනෙලෙච්චි ඔබගේ සේවයට.

385
00:30:10,320 --> 00:30:13,400
බෞතීස්ම කරන පොකුණේ ඔඅබතුමා හදපු දොරවල් විශ්මිතයි. 

386
00:30:13,480 --> 00:30:15,240
-ඔහ්.
-ඒ අවුරුදු විස්සකට කලින්.

387
00:30:15,320 --> 00:30:17,080
ජිබර්ටි තමයි නම දාගත්තේ. 

388
00:30:17,160 --> 00:30:19,640
අනික මේ මනුස්සයා රත්තරං බඩු හදන කෙනෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නෙම්යි. 

389
00:30:19,720 --> 00:30:22,040
මෙයා නිකං කවටයෙක්, වාචාලයෙක්. 

390
00:30:22,120 --> 00:30:24,720
මම බුද්ධිමතෙක්, මගේ කාලයේ. 

391
00:30:27,480 --> 00:30:31,360
ඔයා කොහොමද ඩෝමය හදන්නේ මාස්ටර් බෘනෙලෙච්චි?

392
00:30:31,440 --> 00:30:33,240
සරල උත්තරයක් තියෙන්නේ. 

393
00:30:33,320 --> 00:30:35,880
ඒකට කණුයි, ස්පොන්ජ් කෑලියි, 

394
00:30:35,960 --> 00:30:38,560
වැලියි කාසියි දාපු කඳුයි නෙමෙයි ඕනවෙන්නේ.

395
00:30:41,560 --> 00:30:46,160
- කලාකාරයෙක් දන්නවා ස්වභාවධර්මය හංගන් ඉන්නේ මොනවද කියලා..

396
00:30:46,240 --> 00:30:49,840
ඔයාගෙන් අහුවේ "කොහොමද?" කියලා බුද්ධිමතෝ.

397
00:30:49,920 --> 00:30:54,400
මට අහුණා ප්‍රශ්නේ. මෙන්න උත්තරේ.

398
00:30:54,480 --> 00:30:56,920


399
00:31:04,360 --> 00:31:05,600


400
00:31:11,280 --> 00:31:15,160
ඔයාගේ ඉදිරිපත් කිරීම හොඳයි මහත්මයා. ඒත් විස්තර අඩුයිනේ. 

401
00:31:15,240 --> 00:31:16,240


402
00:31:17,160 --> 00:31:21,000
ඔයා හිතනවද අර  හොරු රැල ඉන්න තැන මගේ රහස් එලියට දායි කියලා?  


403
00:31:21,760 --> 00:31:26,080
ඒගොල්ලෝ මගේ බුද්ධිය හොරකම් කරලා උන්ගේ නම දාගනී. 

404
00:31:26,160 --> 00:31:28,920
ඔයාට පුළුවන් මට කියන්න ඕක හදන හැටි,

405
00:31:29,000 --> 00:31:32,720
අනික මම තමයි ඕකට ගෙවන්නෙ.

406
00:31:32,800 --> 00:31:33,805
හ්ම්.

407
00:31:35,280 --> 00:31:39,760
-ඔයා රෝමෙට ගිහින් තියෙනවද?
-ඔව්. අවුරුදු ගාණකට කලින්.

408
00:31:39,840 --> 00:31:43,680
එහෙනම් ඔයා දැකලා ඇති පැන්තියෝන් හි අති උත්කෘෂ්ඨවත් සුන්දරත්වය,

409
00:31:43,760 --> 00:31:47,640
ශතවර්ෂ ගණනාවකට පෙර ආදිතමයින් හදපු. 

410
00:31:55,960 --> 00:31:57,360
අනිවාර්‍යයෙන්ම.

411
00:31:57,440 --> 00:32:03,120
මම පැය ගණන් ගත කළා ඒක නිරීක්ෂණය කරමින්, හැම කෝණයක්ම නිරීක්ෂණය කළා.


412
00:32:03,200 --> 00:32:06,840
මම තේරුම් ගත්තා අපේ පල්ලිය හදන එකම ක්‍රමය ...

413
00:32:07,520 --> 00:32:09,920
පලංචි නැතුව කරන එක.

414
00:32:11,520 --> 00:32:13,360
අවකාශයේ.

415
00:32:15,400 --> 00:32:18,840
-කොහොමද ?
-එකක් හදන්නේ නැතුව ...

416
00:32:23,520 --> 00:32:24,520
ඩෝම් දෙකක් හදලා.

417
00:32:26,440 --> 00:32:29,680
ඇතුලත ඩෝමය පිටත ඩෝමය ශක්තිය සපයනවා. 

418
00:32:30,320 --> 00:32:31,480
අතිදක්ෂයි .

419
00:32:31,560 --> 00:32:35,480
පලමු අඩි 46 ගල්වලින් හදන්නේ. 

420
00:32:35,560 --> 00:32:38,680
ඊටපස්සේ සැහැල්ලු ද්‍රව්‍යය යොදාගන්නේ.

421
00:32:38,760 --> 00:32:43,440
ගඩොල් හරි ස්පොන්ජ් හරි, අතුරන්න ඕනේ හතු මලක හැඩේට. 

422
00:32:43,520 --> 00:32:47,360
ගඩොල් උදව්වෙනවා සවිමත් වෙන්න. 

423
00:32:48,360 --> 00:32:50,960
ඩෝම් එක විසින්ම සැහැල්ලුව ඉහළට එසවී තිබෙනවා. 

424
00:32:51,040 --> 00:32:52,280
අනිවාර්යෙන්ම.

425
00:32:53,160 --> 00:32:55,960
-කොහොමද ඒක අල්ලන් ඉඳීවී කියලා දැනගනේ?
-මම දන්නෑ.

426
00:32:57,400 --> 00:32:58,760
කවුරුවත් දන්නෑ,

427
00:32:58,840 --> 00:33:02,960
මොකද කවුරුවත් මෙච්චර විශාල ආකෘතියකට හදලා නෑ.

428
00:33:04,320 --> 00:33:08,120
ඔයා මට සල්ලි දුන්නොත්, ඒක විශ්වාසයේ ක්‍රියාවක් වෙයි. 

429
00:33:46,640 --> 00:33:49,640
හුඟ කාලයක් වෙනවා මෙඩිචි කෙනෙක් රෝමෙට ඇවිත්.

430
00:33:49,720 --> 00:33:52,880
මොකද්ද ආපු කාරණාව?

431
00:33:53,800 --> 00:33:56,080
ශුද්ධෝත්තම පියාණෙනි, ඔබවහන්සේ දන්නා පරිදි, 

432
00:33:56,160 --> 00:33:59,600
ෆ්ලෝරන්ස් මිලාන් සමඟ විනාශකාරී යුද්දෙක පැටලිලා. 

433
00:33:59,680 --> 00:34:04,600
ඔව්. ඒකයි ඔයාලගේ බැංකුව උතුරෙන් එන අපේ දහයෙන් පංගුව හිර කරන් ඉන්නේ. 

434
00:34:06,000 --> 00:34:07,360
ඒක ප්‍රවාහනය කරන එක ආරක්ෂාකාරි නෑ. 

435
00:34:10,520 --> 00:34:14,120
ෆ්ලෝරන්සයේ ජනතාව දුක් විඳිනවා. 

436
00:34:16,400 --> 00:34:18,320
මොකක්ද මගෙන් විය යුත්තේ?

437
00:34:21,320 --> 00:34:25,720
රිනාල්ඩෝ ඩීලි ඇල්බිට්සිව පොළඹවන්න මිලාන්වල කුමාරයා එක්ක සාම ගිවිසුමකට. 

438
00:34:28,720 --> 00:34:31,280
මට ලියුමක් දෙන්න පුලුවන් වේවි ඔයාට ගෙනියන්න. 

439
00:34:31,360 --> 00:34:32,400
ස්තූතියි ශුද්ධෝත්තම පියාණෙනි. 

440
00:34:33,880 --> 00:34:36,320
ඒත් මට බය ලියුමකට වඩා දෙයක් ඕන වෙයිද කියලා ...

441
00:34:37,080 --> 00:34:40,600
ප්‍රතිවිපාක තිබිය යුතුයි ඇල්බිට්සි ඔබවහන්සේට අකීකරු වුණොත්.

442
00:34:40,680 --> 00:34:43,920
-මොන වගේද ?
-ඔබවහන්සේට ...

443
00:34:44,000 --> 00:34:46,240
හුඟක් උපකරණ තියෙනවා ඔහුව නවත්තන්න.

444
00:34:46,960 --> 00:34:48,840
ආධ්‍යාත්මික උපකරණ.

445
00:34:58,040 --> 00:34:59,880
ඔයාගේ බිරිඳට කොහොමද පියෙරෝ? 

446
00:35:00,840 --> 00:35:02,720
නිදි. සුවයක් නෑ.

447
00:35:09,760 --> 00:35:12,880
පාප්වහන්සේගේ අකමැත්ත ගැන පණිවිඩකාරයා ඔයාට කිව්වනේ? 

448
00:35:12,960 --> 00:35:15,600
-ඔව්.
-පියුස් පිස්සා.

449
00:35:17,160 --> 00:35:19,040
- පුතේ, ඔයා කන්නැද්ද ?
- නෑ, මම ..

450
00:35:19,120 --> 00:35:21,320
සියෙනාවට ළඟ තානායමක නැවතුණා, එතනදී ...

451
00:35:22,280 --> 00:35:23,880
මට අති විශ්මයජනක ඕපදූපයක් ඇහුණා. 

452
00:35:25,520 --> 00:35:28,080
-මොන වගේ එකක්ද ?
-මට ඇහුණා මගේ ...

453
00:35:28,160 --> 00:35:30,760
සහෝදරයා ආසන දෙව් මැදුරේ ඩෝම් එක සම්පූර්ණ කරන්න යනවා කියලා.

454
00:35:33,400 --> 00:35:34,400
ඒක ඇත්තද ?

455
00:35:34,480 --> 00:35:35,960
නෑ, ඒක ඇත්තක් වෙන්න බෑ, අම්මේ.

456
00:35:36,040 --> 00:35:39,360
අනික කවුරුහරි ඒක සම්පූරණ කරන්න හිටියත්, 

457
00:35:39,440 --> 00:35:45,000
ඒක අවුරුදු ගාණක් ගත වේවි. ෆ්ලෝරින් ලක්ෂ ගාණක් ගෙවන්නත් කවුරුත් නැති වේවි. 

458
00:35:45,080 --> 00:35:47,880
අපේ හොඳම කාලෙදිවත් තාත්තා එහෙම දෙයක් කරන්න හිතුවේ නෑ. 

459
00:35:47,960 --> 00:35:49,480
කොසිමෝ ඒක ඇත්තද? 

460
00:35:51,040 --> 00:35:52,520
-අනිවාර්‍යයෙන්ම. 
-පැහැදිලි කරන්න. 

461
00:35:52,600 --> 00:35:54,960
අපි ඔක්කොම දන්නවා එයාට කලාකාරයෙක් වෙන්න ඕන වුණේ කියලා... 

462
00:35:55,040 --> 00:35:58,480
ඒ හැරත් එයා අමුතුම කාලයක් තෝරගෙන එයාගේ පොඩිකාලේ ආසාවල් ඉටු කරගන්න. 

463
00:35:58,560 --> 00:36:00,480
කොසිමෝ, අපිට කන්නවත් සල්ලි නෑ.

464
00:36:00,560 --> 00:36:04,120
ෆ්ලෝරන්සයේ මිනිස්සි දුප්පත්, බඩගින්නෙන්. 

465
00:36:04,680 --> 00:36:07,800
ඒගොල්ලොන්ගේ ජීවිත අවිවේකියි, අප්‍රසන්නයි. එයින් දෙන්නෙක් අපේ ගෙදරට කඩන් පැන්නා. 

466
00:36:07,880 --> 00:36:10,560
දවස් ගාණකට කලින් ඒගොල්ලෝ ආවේ අපේ රත්තරන් හොරකම් කරන්න නේද? 

467
00:36:11,760 --> 00:36:14,120
ඩෝම් එකට සියයක් විතර වැඩට ගන්නවා. 
468
00:36:14,200 --> 00:36:15,520
ඒගොල්ලොන්ට පඩි ගෙවනවා? 

469
00:36:15,600 --> 00:36:18,840
ඒවගේම තවත් සියයක් විතර අපිට ගඩොල් සහ ගොඩනැගිලි ද්‍රව්‍යය සපයනවා. 

470
00:36:18,920 --> 00:36:22,680
ඒ නිසා ඒගොල්ලෝ ඇඳුම්, කෑම වගේම දහසක් විතර දේවල් මිලට ගන්නවා. 

471
00:36:22,760 --> 00:36:24,880
පුරවැසියෝ ඔක්කොම තමන්ගේ ජීවනෝපායන් කරන් ඉන්නවා.

472
00:36:24,960 --> 00:36:26,320
ඔයා රස්සා මවනවා.

473
00:36:27,840 --> 00:36:30,680
- මුකුත් නැතුව .
- මුකුත් නැතුව නෙමෙයි පුතා. 

474
00:36:30,760 --> 00:36:31,760
පාප් වහන්සේ අකමැති වුණා මේ යුද්දෙ නවත්තන්න. 

475
00:36:31,840 --> 00:36:34,560
ඒත් එයාගේ දයෙන් පංගුව යොදාගන්නේ ආධ්‍යාත්මික වැඩකට. 

476
00:36:35,520 --> 00:36:36,600
ඒවා අපිට ආයේ ගෙවන්න පුළුවන් වෙනකම්. 

477
00:36:36,680 --> 00:36:40,240
ඔයා මාව රෝමෙට යැව්වෙත් එයා මට පිටුපායි කියලා දැනගෙන. 

478
00:36:41,200 --> 00:36:43,160
ඒවගේම  එයාගේ සල්ලි පාවිච්චි කරන්න ඔයාට අවශ්‍යය වෙලාව හොයාගත්තා.

479
00:36:43,240 --> 00:36:47,280
මිනිස්සු ස්තූතිවන්ත වේවි. යුද්ධය ඉල්ලපු ඇල්බිට්සිට නෙමෙයි...

480
00:36:47,360 --> 00:36:49,600
එයාලගේ පවුල්වලට කන්න දුන්න මෙඩිචිට. 

481
00:36:49,680 --> 00:36:52,120
මමත් ආසයි ඔයාගේ සුබවාදීබව බෙදාගන්න කොන්ටසීනා.

482
00:36:52,200 --> 00:36:56,960
ඒත් මේ ආදරණීය රස්සා ටික නිසා අපේ ගිණුම් ටික වේලිලා,

483
00:36:57,640 --> 00:36:59,240
එයාලගේ බදු මුදල් ටික ඇල්බිට්සිගේ යුද්ධයට වියදම් වෙයි.

484
00:36:59,320 --> 00:37:01,120
මේක මෙහෙම ගියොත් අපි ඔක්කොම විනාශයි. 

485
00:37:17,000 --> 00:37:18,280
ඔක්කොවම සාදරෙන් පිළිගන්නවා!

486
00:37:18,360 --> 00:37:20,800
ඔක්කොම පෙදරේරුවෝ, වඩුවෝ, ලිපිකරුවෝ මෙහෙට. 

487
00:37:20,880 --> 00:37:23,520
ඔක්කොම නෝනලා ටික කළු ඇදගෙන ඉන්න මහත්තයා ළඟට යන්න.

488
00:37:23,600 --> 00:37:24,960
-මොකද්ද ඔයාගේ රැකියාව, සර්? 
-ඇපල් 

489
00:37:25,040 --> 00:37:26,840
--මෙඩිචි?

490
00:37:27,840 --> 00:37:29,240
මොකක්ද වෙන්නේ මෙතන?

491
00:37:29,320 --> 00:37:31,120
ඔයා හුඟ කාලයක් යුධ පිටියේ හිටියේ. 

492
00:37:31,200 --> 00:37:33,240
මගේ සහෝදරයා තීරණය කළා ඩෝම් එක සම්පූර්ණ කරන්න. 

493
00:37:34,480 --> 00:37:36,920
සම්පූර්ණ කරන්න? දැන්?

494
00:37:37,000 --> 00:37:40,880
ඔයාලා නගර ප්‍රාකාරයේ එලියෙන් විනාශ කරද්දි ,

495
00:37:40,960 --> 00:37:42,920
මෙඩිචිලා ඇතුලෙන් හදනවා. 

496
00:37:43,000 --> 00:37:46,240
-ඊළඟ!
- ඔහොම යන්න! කන්ද උඩටම!

497
00:37:50,160 --> 00:37:53,960
ගණන් ගන්න එපා පුතේ. මේ මෝඩකම එයාලගේ විනාශය ඉක්මන් කරනවා විතරයි. 

498
00:37:54,040 --> 00:37:57,000
ඔයාලා වැඩක් ඉල්ලගත්තනම් ඉස්සරහටම යන්න. ස්තූතියි. 

499
00:37:57,080 --> 00:37:59,400
විකුණුම් බිල්පත, මාස්ටර් ටැන්ක්‍රිඩි. 

500
00:37:59,480 --> 00:38:02,840
-මොන විකුණුම් බිල්පතද? 
-හෙම්ලොක්වලට. මම දන්නවා තමුන් වික්කා කියලා.

501
00:38:02,920 --> 00:38:05,520
මට ඕනේ තමුන්ගේ පාරිභෝගියකගේ නමයි ඒක ඌ අරගත්තා කියන එකයි. 

502
00:38:08,360 --> 00:38:10,960
මගේ ළඟ නෑ ඒක. 

503
00:38:11,040 --> 00:38:12,360
හොයාගනින්.

504
00:38:14,200 --> 00:38:15,840
නැත්තං අනිත් ඇහැත් නැති කරගනින්..

505
00:38:17,680 --> 00:38:19,640
මම ආයේ රෑට එනවා .

506
00:39:04,960 --> 00:39:10,080
...Matrimonium coniunctio
(විවාහ ජීවිතයට ඇතුල් වුණා[ලතින්])

507
00:39:10,640 --> 00:39:13,760
In nomine Patris
(පියාණන්ගේද [ලතින්])

508
00:39:13,840 --> 00:39:19,360
Et Filii et Spiritus Sancti
(පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් [ලතින්])

509
00:39:27,160 --> 00:39:29,720


510
00:39:42,480 --> 00:39:43,600
ඔහ්!

511
00:39:46,840 --> 00:39:48,320
ඔයා හැමතිස්සෙම නිහඬද? 

512
00:39:49,880 --> 00:39:51,400
මම එහෙමනම්?

513
00:39:52,760 --> 00:39:54,200
මම එහෙම නෑ.

514
00:39:56,400 --> 00:39:59,560
එහෙනම් අපි දෙන්නටම පුරුදුවෙන්න ඕන දෙයක් තියෙනවා කොන්ටසීනා. 

515
00:40:06,480 --> 00:40:07,480
සමාවෙන්න.

516
00:40:21,120 --> 00:40:22,840
මගේ පුතාට කාලය අවශ්‍යයයි.

517
00:40:23,920 --> 00:40:25,120
මොකටද?

518
00:40:25,200 --> 00:40:28,560
යථා තත්ත්වෙට පත්වෙන්න. එයා රෝමෙදි නැතිවෙච්ච ආදරේ ගැන තාමත් දුක්වෙනවා. 

519
00:40:31,400 --> 00:40:32,680
එයා ආදරේ කළාද? 
520
00:40:34,960 --> 00:40:36,720
එයා ආදරේ කලා කියලා එයා හිතුවා. 

521
00:40:36,800 --> 00:40:39,080
රෙදි හෝදන කෙල්ලෙක් එයාව අල්ලගත්තේ. 

522
00:40:39,160 --> 00:40:42,640
-කවුද සම්බන්දෙ නැවැත්තුවේ. එයාද? ඇයද?
-දෙන්නම නෙමෙයි .

523
00:40:42,720 --> 00:40:44,800
මම කිව්වා එයාගේ තාත්තට මැදිහත් වෙන්න කියලා .

524
00:40:47,000 --> 00:40:49,400
කොසිමෝගෙම යහපතට .

525
00:41:04,400 --> 00:41:05,400
මොකද්ද කාරණය?

526
00:41:06,560 --> 00:41:08,440
ඔයාට දැනගන්න ඕනෙද??

527
00:41:08,520 --> 00:41:11,360
ඔයා යුරෝපයේ බලවත්ම බැංකුව මෙහෙයවන්න ඉන්නේ,

528
00:41:11,440 --> 00:41:15,280
ඒවගේම ඔයා වංශවත් පවුලකින් කසාද බැදලා ඉන්නේ.

529
00:41:15,360 --> 00:41:19,120
මම දකින්නේ නෑ ඔයාට දුක්වෙන්න ඕන කාරණාවක්. 

530
00:41:19,960 --> 00:41:22,680
-ඔයාට කිසිම අයිතියක් නෑ. 
-මට අයිතියක් නෑ?

531
00:41:22,760 --> 00:41:26,080
-ඔයා එයාව එලෙව්වා!
-ඔව් මම කළා.

532
00:41:37,240 --> 00:41:38,320
තාත්තේ...

533
00:41:41,320 --> 00:41:45,840
-මේ මගේ ජීවිතය .
-නෑ එහෙම නෑ. මමයි ඔයාට ජීවිතය දුන්නේ. 

534
00:41:45,920 --> 00:41:49,760
ඒවගේම මම ඔයා කරන්න ඕන දේවල්වලට මඟ පෙන්වනවා. 

535
00:41:49,840 --> 00:41:52,520
-මට ඕන වුණේ කලාකරුවෙක් වෙන්න.
-කලාකරුවෙක් ?

536
00:41:52,600 --> 00:41:55,760
ඔයාට මෝඩ වැඩ කරන්න ලැබුණා මම ඉඩ දුන්න නිසා. 

537
00:41:55,840 --> 00:41:56,960
මොකක් නිසාද?

538
00:41:58,400 --> 00:42:01,560
ඔයා මට අධ්‍යාපනය දුන්නා ,
ඔයා මට ලස්සන දේවල් දුන්නා,

539
00:42:02,600 --> 00:42:06,280
ඊටපස්සේ මගේ ජීවිතේ සල්ලිවලටයි දේශපාලනයටයි කැපකරන්න කියනවා.

540
00:42:07,320 --> 00:42:10,680
සල්ලි සහ දේශපාලනය තමයි 
541
00:42:10,760 --> 00:42:13,920
ඔයා වැඳුම් පිදුම් කරන ලස්සන දේවල් ලැබෙන්න හේතුව. 

542
00:42:14,000 --> 00:42:17,640
මම අර ගඳගහන මඩගොඩේ ඉඳලා ඇවිත්, 

543
00:42:17,720 --> 00:42:22,480
ප්‍රාග්ධනය හිර කරගෙන බැංකුවක් හදලා මේ පවුල හැදුවේ නෑ 
544
00:42:22,560 --> 00:42:26,920
ඔයාගේ තරුණ ආසාවල්වලට ඒවා විසික් කරලා දාන්න.

545
00:42:27,000 --> 00:42:28,440
මොළෙන් හිතන්න. 

546
00:42:32,000 --> 00:42:35,760
මනුස්සයෙක්ට එයාගෙම ජීවිතයක් තියෙනවා.

547
00:42:38,960 --> 00:42:39,960
හොඳයි...

548
00:42:41,320 --> 00:42:43,480
මෝඩයෙක් ජීවත් වෙන්නේ තමන්ට විතරයි.

549
00:42:44,920 --> 00:42:48,520
නුවණක්කාරයෙක් ජීවත් වෙන්නේ අරමුනකට 

550
00:42:48,600 --> 00:42:51,640
ඔයාගේ අරමුන තමයි මේ පවුලට සේවය කරන එක. 

551
00:42:51,720 --> 00:42:54,560
ඔයා මට උදව් කරයි නැත්තං පවුලට සේවය කරයි. 

552
00:42:56,400 --> 00:43:00,600
මම ගන්නවා දෙවියන් වහන්සේ ඔයාට දීපු ජීවිතය. 

553
00:43:05,000 --> 00:43:07,560
මගේ තාත්තා මට මේ කුරුසේ දුන්නේ 

554
00:43:10,800 --> 00:43:13,640
මගේ වගකීම් මතක් කරගන්න.

555
00:43:18,160 --> 00:43:20,080
ඒක ඔයාගේ දැන්.

556
00:44:34,840 --> 00:44:38,760


557
00:44:41,560 --> 00:44:42,880
මෙන්න.

558
00:44:44,160 --> 00:44:45,240


559
00:44:47,960 --> 00:44:49,000
රිචියාඩෝ !

560
00:44:50,520 --> 00:44:52,120
කොහොමද වැඩේ?

561
00:44:53,160 --> 00:44:55,360
අපි ඉක්මණට වැඩ පටන්ගත්තා මෙසර් ලොරෙන්සෝ. 

562
00:44:55,440 --> 00:44:59,240
විසික් කරපන් අර වයින් එක!
මෙතන එක බේබද්දෙක් ඉන්නවා මට දකින්න ඕන්නෑ. 

563
00:44:59,960 --> 00:45:03,800
ඒගොල්ලෝ කියනවා මාස්ටර් බෘනෙලෙච්චි වැඩකාරයෙක් කියලා. මටත් හිතෙනවා ඒක. 

564
00:45:03,880 --> 00:45:05,120
- නවත්තපන් ඕක!
- මටනම් පේන්නේ එයාට පිස්සු වගේ.

565
00:45:05,200 --> 00:45:07,480
ඔය කෑම මෙතනින් අරන් පලයං!

566
00:45:07,560 --> 00:45:10,320
කවුරුත් වැඩ නවත්තන්නේ නෑ!
අඩුමතරමේ කෑම කන්නවත්!

567
00:45:31,640 --> 00:45:34,160
කොසිමෝ, මම දන්නවා ඔයා පල්ලියේ වැඩේ විශ්වාස කරනවා, 

568
00:45:34,240 --> 00:45:37,800
ඒවගේම ඒක මගේ වැඩක් නෙමෙයි ගොඩනැගිලි නිර්මාණය කරන එක හෝ....

569
00:45:37,880 --> 00:45:41,360
රෝමයට ගෙවන්න ඕන මුදල ගැන ප්‍රශ්න කරන එක. 

570
00:45:41,440 --> 00:45:43,920
මම ඒකට ගරු කරනවා විශ්වාසවන්ත ඌගෝ. 

571
00:45:44,000 --> 00:45:47,040
මම දැක්කා මිනිස්සු වැඩ කරනවා, ඒවගේම එතන...

572
00:45:47,120 --> 00:45:50,840
සතුටක් තිබ්බා. ඉස්සර පාරවල්වල තිබුණේ බලාපොරොත්තු සුන් බව. 

573
00:45:50,920 --> 00:45:54,200
ඒත් මේ යුද්ධය ඇදෙනවා. 

574
00:45:54,280 --> 00:45:57,320
පාප්වහන්සේගේ සල්ලිත් ඉවරවේගෙන යන්නේ.

575
00:45:57,400 --> 00:46:00,320
මම ඒක දන්නවා. මම ඒකට දෙයක් කරන්න ඉන්නේ. 

576
00:46:01,600 --> 00:46:02,760
මම දන්නවා. 

577
00:46:03,360 --> 00:46:06,640
මේක හීනයක් ඔයාගේ තාත්තා හුඟ කාලෙකට කලින් ඔයාගෙන් උදුරගත්ත. 

578
00:46:06,720 --> 00:46:12,400
ඒවගේම, සමහර විට ඔයාට දැනෙනවා ඇති දැන් තමයි වෙලාව මේ ඔක්කොම අල්ලගන්න. 

579
00:46:13,320 --> 00:46:17,280
ඒත් මොකක් හරි පාඩුවක් හටගත්තොත්,

580
00:46:18,040 --> 00:46:20,560
ඒක පියවගන්න බැරි වේවි...

581
00:46:33,760 --> 00:46:35,760
පියෙරෝ ලෑස්ති වෙන්න. 

582
00:46:35,840 --> 00:46:37,360
අපි ගමනක් යනවා.

583
00:46:39,320 --> 00:46:40,680
කොහේටද?

584
00:46:40,760 --> 00:46:42,240
යුද්දෙ පැත්තට.

585
00:47:13,080 --> 00:47:15,480
කොසිමෝ ඩි මෙඩිචි !

586
00:47:17,400 --> 00:47:20,600
-ඔයා ෆ්ලෝරන්ස්වරුන්ගේ පැත්තේ නේ ඉන්න ඕනේ?
-මම ඔයාව දකින්න ආවේ, ෆ්රැන්චෙස්කෝ.

587
00:47:20,680 --> 00:47:25,040
-ම්ව්ව් මගේ පුතා, පියෙරෝ.
-ඔයාගේ තාත්තයි මමයි පරණ යාළුවෝ. 

588
00:47:25,120 --> 00:47:27,560
-ඒත් ඔයාලා ... හතුරෝ 
-එහෙමත් නෑ.

589
00:47:27,640 --> 00:47:30,760
ජෙනරාල් ස්ෆෝර්සා ඉතාලියේ ඉන්න හොඳම සොල්දාදුවන්ගෙන් එක්කෙනෙක්..

590
00:47:31,480 --> 00:47:36,320
මම කොන්ත්‍රාත්කාරයෙක්, ඔයාගේ තාත්තා ණයක් දුන්න 

591
00:47:36,400 --> 00:47:39,000
අවුරුදු ගාණකට කලින් ඔක්කොම බෑ කියලා කියද්දී. 

592
00:47:39,760 --> 00:47:42,680
මම කවදාවත් මට කරපු උදව්වක් අමතක කරන ජාතියේ මිනිහෙක් නෙමෙයි. 

593
00:47:44,400 --> 00:47:47,040
මම බලාපොරොත්තු වුණා ඔයා එහෙම කියයි කියලා .

594
00:47:47,120 --> 00:47:50,680
මිලාන් එක්ක මේ යුද්ධය කල් ගත්තා වැඩියි. 

595
00:47:50,760 --> 00:47:54,680
අපිටයි වාසිය තියෙන්නේ මිත්‍රයා. අපි ඉස්සරහට යන්න ඕනේ.

596
00:47:54,760 --> 00:47:57,400
මොකක්ද මිලාන්වල කුමාරයා බලාපොරොත්තු වෙන්නේ?

597
00:47:57,480 --> 00:48:02,000
-ඇයි ... ලූකා නගරය
-ලූකා හුඟක් ධනවත්.

598
00:48:02,080 --> 00:48:06,240
මොකක්ද එයා ආදායම විදියටම බලාපොරොත්තු වෙන්නේ?

599
00:48:08,320 --> 00:48:10,000
මේක දෙන්න කුමාරයට.

600
00:48:10,080 --> 00:48:12,360
එයාට කියන්න එයාගේ උපදේශකයෝ ඕකේ තියෙන දේවල් තහවුරු කරයි කියලා..

601
00:48:30,080 --> 00:48:31,080
ටැන්ක්‍රිඩි?

602
00:49:13,160 --> 00:49:16,120
ජයග්‍රහණය අපේ අතේ.

603
00:49:16,200 --> 00:49:18,600
මුළු ෆ්ලෝරන්සයම තේජවන්ත කරන්න පුළුවන් ජයක්. 

604
00:49:18,680 --> 00:49:22,360
ඒත් ඒ ... අපි ජීවත්ව හිටියොත් පමණයි. 

605
00:49:23,280 --> 00:49:25,920
මේ බොරුකාරයට ආයෙත් ඡන්දය දෙන්න යනවා කියලා ඔයා මට කියන්න එපා. 

606
00:49:26,000 --> 00:49:28,440
එයා අපිව විනාශ කරන්න හැදුවත්.

607
00:49:29,240 --> 00:49:31,440
මට ඡන්දයක් දෙන්නම අදහසක් නෑ..

608
00:49:32,320 --> 00:49:35,000
අපිට දිගටම සටන් කරමින් ශක්තිමත්ව ඉන්න ඕනේ. 

609
00:49:35,080 --> 00:49:38,800
ඊටපස්සේ අපි ජයග්‍රහකයෝ වෙයි. 
මේක අපේ නගරය.

610
00:49:38,880 --> 00:49:41,240
මේ අපේ ජනරජය!

611
00:49:43,800 --> 00:49:46,480


612
00:49:48,440 --> 00:49:49,800
ජෙනරල් ස්ෆෝර්සා.

613
00:49:49,880 --> 00:49:52,720
මට සමාවෙන්න ඔයාගේ කතාවට බාධා කළාට සිංඤෝර් ඇල්බිට්සි. 

614
00:49:52,800 --> 00:49:55,480
ඒත් තවත් ඒකට අවශ්‍යතාවයක් නෑ.

615
00:49:55,560 --> 00:49:57,240
මේ මිනිහා දැන්ම අල්ලගන්න.

616
00:49:57,320 --> 00:50:01,520
ඔයාට මාව අල්ලගන්න පුළුවන්, ඒත් ඔයා එහෙම කලොත්, ඔයා 
හිරේ දාන්නේ යාළුවෙක්ව.

617
00:50:02,880 --> 00:50:06,280
මම ආවේ සාම ගිවිසුමකට කොන්දේසි ඉදිරිපත් කරන්න. 

618
00:50:06,840 --> 00:50:07,840
සාම ගිවිසුමක්?

619
00:50:09,160 --> 00:50:12,680
මිලාන්වල කුමාරයා ලූකාවලින් අයින් වුණා..

620
00:50:13,720 --> 00:50:17,080
- යුද්ධය ඉවරයි .

621
00:50:32,840 --> 00:50:36,320
-ඔයා මිලාන්වලට ගෙව්වද ?
-නෑ..

622
00:50:37,480 --> 00:50:38,680
ලූකාවල උපදේශකයෝ ගෙව්වේ.

623
00:50:47,440 --> 00:50:48,720
මොකද වුණේ?

624
00:50:49,600 --> 00:50:53,240
ඖෂධවේදියව මරලා. 
මම හිතන්නේ එයා දන්නවා මිනිමරුවව.

625
00:50:53,320 --> 00:50:55,280
මම කිව්වා තව ලේ එපා කියලා. 

626
00:50:55,360 --> 00:50:57,040
මම යද්දිත් එයා මැරිලා.

627
00:50:57,960 --> 00:50:59,440
මේකෙන් මරලා තියෙන්නේ.

628
00:51:00,800 --> 00:51:03,960
-කාගෙද මේ මුලකුරු?
-මම දන්නේ නෑ .

629
00:51:12,200 --> 00:51:13,280
හොඳයි, අපි හොයාගමු.

630
00:51:26,520 --> 00:51:31,560


631
00:51:31,640 --> 00:51:32,640
යුද්ධය ඉවරයි.

632
00:51:32,720 --> 00:51:35,760
ඔයාට මේක ඉවර කරන්න තරම් සම්පත් ඇති නේ, සහෝදරයා. 

633
00:51:36,480 --> 00:51:38,640
ඒවගේම පාප්වහන්සේටත් එයාගෙ සල්ලි ලැබෙයි. 

634
00:51:38,720 --> 00:51:40,000
මේකෙන් දෙවියන් වහන්සේ ගෞරවයට පත්වේවි.

635
00:51:40,960 --> 00:51:44,800
දෙවියන් වහන්සේට ගෞරවය දෙන්නද ඔයා ගෞරවය ගන්නද?
-මම දිනන හැමදෙයක්ම දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි..

636
00:51:53,160 --> 00:51:54,160
තාත්තේ!

637
00:51:55,640 --> 00:51:56,640
ඇයි පුතේ?

638
00:51:56,720 --> 00:51:58,520
ලුක්‍රේසියාගේ උණ අඩු වෙලා.

639
00:51:58,600 --> 00:52:00,920
-මේක අද දවසේ හොඳම ආරංචිය.
-ඔව්, ඒත්...

640
00:52:01,000 --> 00:52:03,560
ඒක විතරක් නෙමෙයි ආරංචිය.

641
00:52:03,640 --> 00:52:05,880
එයාගේ අසනීපේ නිසා තවත් බරපතල දෙයක් වැහිලා තිබ්බේ. 

642
00:52:05,960 --> 00:52:07,520
මොකක්ද ඒ?

643
00:52:08,480 --> 00:52:09,840
එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ.

644
00:52:11,000 --> 00:52:12,440
මම තාත්තා කෙනෙක් වෙන්න.

645
00:52:14,680 --> 00:52:16,840


646
00:52:19,600 --> 00:52:21,520
ඔයා සීයා කෙනෙක් වෙන්න.

647
00:52:21,600 --> 00:52:23,880


648
00:52:26,160 --> 00:52:28,560
අයින් වෙන්න! ඔක්කොම අයින් වෙන්න! 

649
00:52:34,480 --> 00:52:37,640
මොකද ඒ රිචියාඩෝ?
මේ මිනිහා බීලද? 

650
00:52:43,480 --> 00:52:45,160
මෙසර්, එයා බීලා නෙමෙයි.

651
00:52:48,200 --> 00:53:48,200
ඒක කළු මරණය.
(කළු මරණය යනු මධ්‍යකාලීන යුරෝපය පුරා පැතිරී ගිය වසංගතයකි. 
එයින් මුළු යුරෝපයේ ජනගහණයෙන් තුනෙන් දෙකක් පමණ මියගියහ.)

652
00:54:48,200 --> 00:56:48,200

Facebook/ Twitter/ Instagram : Nimesh Peter

